නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අප විද්‍යාලය සබරගමු පළාතේ ඉතා දුෂ්කර එහෙත් සුන්දර ගම් පියසක පිහිටා ඇත. අප විදුහල් මාතාව අසූවස් ඉක්මවමින් තම මෙහෙවර දිනෙන් දින වර්ධනය කරමින් සිටින්නී ය. උසස් අධ්‍යාපන වරම් ලබා දීමට යොමු කරන දරුවන් මෙන්ම තාක්ෂණ, සෞන්දර්ය, භාෂා හා ක්‍රීඩා යන අංශවලින් ද ජාතික තලයට දරුවන් ඔසවා තබමින් ප්‍රදේශයට මෙන් ම පළාතට ද ආලෝකයක් ලබාදීමට අප විද්‍යාලය සමත් වී ඇත.
පසුගිය වසංගත සමය ආරම්භ වනවාත් සමඟ ම ඇතිවන අධ්‍යාපන දුෂ්කරතාව හඳුනාගත් අප විද්‍යාලය අප සතු අවම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් දැයේ ම දරුවන්ට අධ්‍යාපන මං පෙත් විවර කර දීමට ක්‍රියා කළේ දිවයිනේ එවැන්නක් කළ ප්‍රථම පාසල වෙමින් බව අභිමානයෙන් සිහිපත් කරමි.
දිවයින පුරා විසිරී සිටින අප විදුහල් මාතාවගේ ආදරණීය දුවා දරුවන්ට විද්‍යාලය වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කිරීමට අවකාශය ලබා දීමටත් හුදෙක් විද්‍යාලයේ අභිවෘද්ධිය අපේක්ෂා කරන දෑ හිතකාමී ශ්‍රි ලාංකිකයන්ටත් අප හා අත්වැල් බැඳ ගනිමින් මෙම සුවිශේෂි ජාතික මෙහෙවරට උර දෙන්නට අවස්ථාව සලසනු වස් නිර්මාණය වන වෙබ් අඩවිය සමඟ අප හා එක්වන්නට ආරාධනා කරමි. අප පාසලේ වර්තමාන නියමු ගෞරවණීය ස්වාමින් වහන්සේ ඇතුළු අධ්‍යන හා අන්‍යධන කාර්ය මණ්ඩලයේ ශක්තිමත් ගමනට ඔබේ ශක්තිය ද එක් කරන්නට මෙම වෙබ් අඩවිය පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරමි.
එදා මෙදාතුර විද්‍යාලයේ අභිවෘද්ධියට කටයුතු කළ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් විද්‍යාලයේ අභිවෘද්ධිය නිරන්තරයෙන් පතන අතර මාගේ සුභාශිංසනය ද පිරි නමමි.
නියෝජ්‍ය විදුහල්පති,
එන්.ඒ. විජිතකුමාර මහතා
ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය