![]() |
බලංගොඩ නගරයේ සිට සැතපුම් 20ක් පමණ නැගෙනහිර දෙස වන්නට ගමන් කළ විට කල්තොට ප්‍රදේශය මුණ ගැසේ. අතීතයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ කල්තොට ගම දියුණුවීමේ කේන්ද්‍රස්ථානය වුයේ කල්තොාට පන්සලයි. කල්තොට පන්සල ආරම්භ කරන ලද්දේ 19වන සිය වසේ මුල් භාගයේ දී පමණය. විහාරස්ථානයේ ආදී කර්තෘ වහන්සේ වන්නේ දෙනගම මේධානන්ද නාහිමියන්ය. මහත් දුෂ්කරතා මැද ආගමික ස්ථානය පවත්වාගෙන ගිය අතර ප්‍්‍රදේශයේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික ස්ථානයක් ආරම්භ කිරීමට ද උන් වහන්සේ මැදිහත් වී ඇත. විහාරස්ථානය ආසන්නයේ ම ඉඩමක පාසල ආරම්භ කිරීමට කටයුතු කළ අතර පොල් අතු සෙවිලි කළ මඩුවක කල්තොට පාසල නමින් මෙම පාසල ආරම්භ කර ඇත. ඒ 1939 වර්ෂයේය. කල්තොට පාසලේ නිර්මාතෘවරයා වශයෙන් දෙනගම මේධානන්ද හිමිපාණන් වහන්සේ කාගෙත් ගෞරවයට පාත්‍ර වේ.
