සැරදේ රෝහණ විදු මෑණී
දෙස කිතු ගොස පතුරා //
පිබිදේ සිසු කැළ ඔබ සෙවනේ
ගුණ නැණ විරිය ලබා
කෙත් වතු රමණි තුරුලිය අරණි
නටඹුන් හෙළ රජ අභිමානේ
නංවන කල්තොට පුරයෙන් නැගෙනා
විදු සඳ ඔබ සිරිලක් දෙරණේ
සැරදේ රෝහණ විදු මෑණි
දෙස බස කිතු ගොස පතුරා //
ශිල්ප කලා විදු සතර ලබා දී
වියතුන් විරුවන් දැයට පුදා
වැජඹේවා නිති චිරාත් කල් ඔබ
දෙස බස රැස බබලමින් සදා
පද රචනය
ඩී.එම්. අබයකෝන්