- පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලේ විනය නීති රීතිවලට ගරු කරමින් පාසලේ ගෞරවය ආරක් වන පරිදි කටයුතු කළයුතු ය.
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිල ඇඳුම ක්‍රමනුකුලව භාවිත කළ යුතු වන අතර නියමිත නිල අඳුමෙන් සැරසි පාසලට පැමිනිය යුතු ය.
- පාසල ආරම්භ කිරීමට පෙර පාසලට පැමිණිය යුතු වන අතර සියලුම පිරිසිදු කිරීම් කටයුතු පෙ.ව.7.25ට පෙර අවසන් කළ යුතු ය.
- සියලුම සිසු දරුවන් පාසලේ ආචාර්ය මන්ඩලයට කීකරුව කටයුතු කළ යුතු වන අතර ගුරු උපදෙස් මනාව පිළි පැදිය යුතු ය.
- සිසු දරු දැරියන් අතර කිසිම අවස්ථවක ගැටුම් අති කර ගැනීම හෝ ඒාට අනුබල දීම නොකළයුතු අතර සියලු දෙනාම සහෝදරත්වයෙන් යුතුව කටයුතු කළ යුතු ය.
- ශිෂ්‍ය නායක නායිකාවන් ාසලේ ගෞරවය රැක ගනිමින් අනෙකුත් ශිෂ්‍යාවන්ට ආදර්ශවත් වන චර්යා රටාවක් ගොඩනගා ගත යුතු ය.
- යම් ැටලුකාරී අවස්ථාවක් පැන නගුන විට ඒවා විසද ගැනීමට ආචාර්ය මණ්ඩලයේ සහය ලබා ගත යුතු ය.
- පාසලේ දී සිසුන්ට ඇතිවන ගැටලු නිවසේ දී හෝ වෙනත් ස්ථානවල දී සාකච්ඡා කිරිම හෝ විවේචනය කිරිම නො කළ යුතු ය.
- වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහළ ශ්‍රේණිවල සිසුන්ට ආදර්ශවත් වන පරිදි හැසිරිය යුතු අතර ඔවුන්ගේ අවශ්‍යතා හා ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් විය යුතු ය.
- පාසල තුල හෝ ඉන් පිටත දී ප්‍රේම සම්බන්ධතා අති අර ගැනිම හෝ ඒවට අනුබල දීම නො කළ යුතු ය.
- පාසල් වේලාව තුළ දී පාසලින් බැහැර යෑම සඳහා දෙමාපියන්ගේ දැනුම් දීම ලිපියකින් හෝ පැමිණීමෙන් හෝ අවසර ලබා ගත යුතූ ය.
- පාසල් කාලය තුළ දී විදුහලෙන් අවසරයක් නො මැතිව බැහැර යෑම සිදු නො කළ යුතු ය.
- පාසලේ භෞතික සම්පත් හා පරිසරය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු අතර ඒවාට හානි වන ආකාරයේ කිසිම කටයුත්තක නො යෙදිය යුතු ය.
- සිසු දරුවන් කිසිම අවස්ථාවක ආචාර්ය මණ්ඩලයේ වැරදි අඩුපාඩු සාකච්ඡා කිරීම හෝ විවේචනය කිරීම නො කළ යුතු ය.
- පාසල තුළට මත් ද්‍රව්‍ය හෝ වෙනයම් අනවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒම හෝ ඒවා පරිහරණය කිරීම සපුරා තහනම් වන අතර ඒවා දඬුවම් ලැබිය හැකි බර පතල වැරදි ලෙස සලකනු ලැබේ.
- විය නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් විනය මණ්ඩලය ගනු ලබන ඔනෑම දඬුවමක් භාර ගැනීමට එකඟ වෙමි.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි